Nvidia සමාගම විසින් ARM ආයතනය මිලදීගැනීම පිළිබඳව Qualcomm, Microsoft සහ Google වැනි සමාගම් තම විරෝධය පළ කරයි

 

මේ අනුව ජපානයේ SoftBank සමාගමේ හිමිකාරීත්වයට යටත්ව තිබුණු ARM ආයතනයේ හිමිකාරීත්වය Nvidia සමාගමට හිමි වුණු අතර මේ වන විට මෙම ගණුදෙනුව පිළිබඳව Qualcomm, Microsoft, Google වැනි සාමාගම් විසින් ඔවුන්ගේ විරෝධය පළ කරමින් සිටින බව වාර්තා වෙනවා.

මෙම ගණුදෙණුව සිදුවීම හරහා ARM ආයතනය සතුව තිබුණු ARM architecture එක ඇතුළු designs සහ තාක්ෂණයන් වල සම්පූර්ණ හිමිකාරීත්වය Nvidia සමාගමට හිමිවන අතර, ඒ හරහා අනෙකුත් සමාගම් වල තරඟකාරීත්වයට බාධාවක් සිදු වන බවත්, යම් දිනයකදී අවශ්‍යය නම් අනෙකුත් සමාගම් විසින් ARM intellectual property භාවිතා කිරීම අවහිර කිරීමට පවා හැකියාව ඇති බව පෙන්වා දෙනවා.

කොහොම වුණත් මේ ගනුදෙනුව සිදු වන අවස්ථාවේදී Nvidia සමාගම පැහැදිලිවම ප්‍රකාශ කර සිටියේ දැනට පවතින ARM licensing model එකට කිසිඳු බළපෑමක් සිදු නොකරන බවයි.

‍මෙම විරෝධය හමුවේ Nvidia සමාගම විසින් ARM ආයතනය මිලදීගැනීමේ ගනුදෙනුව US, UK, China සහ European Union එකේ antitrust චෝදනා පිළිබඳව වන බළධාරීන් විසින් review කිරීමට කටයුතු කරමින් පවතින බව වාර්තා වෙනවා.

කොහොම නමුත් මේ දක්වා අදාල ආයතන වලින් මේ පිළිබඳව නිළ වශයෙන් තීන්දුවක් ලබාදීමට කටයුතු කර න‍ොමැති අතර, ඉදිරි මාස කිහිපය ඇතුලත මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීමට හැකියාව ලැබෙනු ඇත.