ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ YouTube නාලිකාවේ video upload කිරීමේ හා comments දැමිමේ හැකියාව තාවකාලිකව අවහිර කරයි.

  

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ Facebook, Instagram සහ Twitter social media accounts තාවකාලිකව අත්හිටුවීමට එම සමාගම් කටයුතු කර ඇති බවට මි‌ට පෙර අප විසින් ඔබව දැනුවත් කරනු ලැබුවා.

 

YouTube සමාගම විසින් Twitter පණිවිඩවයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ YouTube Channel එක විසින් YouTube policies උල්ලංගණය කර ඇති හේතුව නිසා ඔහුගේ නාලිකාවට පළමු strike එකක් ලබා දි ඇති අතර මෙය අවම වශයෙන් දින 7ක කාලයක් ක්‍රියාත්මක වේ යැයි පැවසෙනවා.


YouTube Channel 

ඉදිරිය දෙස බලන විටපළමු strike එක ලැබී දින 90 ක කාලයක් තුළ YouTube policies උල්ලංගණය කර දෙවන හා තුන්වන strike එම නාලිකාවට යොමු උවහොත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ YouTube Channel එක permanently ඉවත් කිරීමට YouTube සමාගම කටයුතු කරනු ඇත.