Samsung සමාගමේ Exynos SoC එක බොහෝ කාලයක පටන්ම Qualcomm chipset සමඟින් සසඳන විට GPU performance එක අඩු බව ඔබ දැනටමත් දන්නවා
ඇති.
කොහොම නමුත් මේ වන විට මෙම ගැටළුවට පිළියමක් ඉදිරිපත්
කිරීමට Samsung
සමාගම සමත්වී ඇති අතර
ලොව ප්‍රසිද්ධතම GPU නිෂ්පාදකයෙකු
වන AMD සමාගම සමඟ partnership එකක් ආරම්භ කරමින් Samsung Exynos
chipset සඳහා custom AMD GPU එකක් එකතු කිරීමට සූදානම් වන බව
නිවේදනය කර තිබෙනවා.
මූලිකව Samsung සමාගම
විසින් ඔවුන්ගේම GPU එකක්
design කිරීමට සූදානම් වූ නමුත් එය
අති-සාර්ථක නොවූ අතර, මේ
වන විට Samsung
සහ AMD යන සමාගම් ද්විත්වයම එකතු වී mobile GPU එකක් design කිරීමට කටයුතු කරමින් සිටින බව
වාර්තා වෙනවා.
එමෙන්ම Samsung සමාගම
විසින් සැළසුම් කර ඇති අයුරින් වැඩ කටයුතු සිදු වුවහොත් මෙම වසර අවසාන වන විට මේ AMD GPU එක Exynos chipset එකක් සමඟින් දැකගත හැකි වනු ඇති
බවත්, බොහෝ විට Samsung Galaxy S22
series එක මෙම chip එක හරහා බළගැන්වෙනු ඇති බවත් XDA-Developers වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම මෙම partnership එක
හරහා AMD
සමාගමට mobile market එක සඳහා තමන්ගේ නිෂ්පාදනයන් ව්‍යාප්ත
කිරීමට අවස්ථාවක් ලැබෙන අතර, Samsung සමාගමට
තම chipset
වල දුර්වලතාවයක් වුණු
GPU
performance එක
වැඩි කරගනිමින් අනෙකුත් සමාගම් සමඟ කරට කර තරඟ කිරීමේ හැකියාව ලැබෙන බව දැකගත හැකි
වෙනවා.