Windows 11 සංස්කරණයේ විස්තර සහ ඡායාරූප අන්තර්ජාලයට එකතු වෙයි; 2025 දී Windows 10 අතහැරදැමීමට Microsoft සමාගම තීරණය කරයි


 Microsoft සමාගම විසින් Windows 10 සඳහා ලබාදෙන සහාය 2025 ඔක්තෝබර් 14 වන දිනෙන් අවසන් කරන බව සඳහන් කරන අතර support page එකෙහි සඳහන් වන ආකරයට මෙය Windows 10 Home සහ Pro (Pro Education, Pro for Workstations) යන Windows editions සඳහා වලංගුවෙනවා.

Windows 

මෙම ප්‍රකාශය හේතුවෙන් ලබන සතියේ එළිදැක්වීමට නියමිත Windows හි නව version එක Windows 10 ලෙස නිකුත් නොවනු ඇතැයි විශ්වාස කිරීමට බොහෝ දෙනා පෙළඹී තිබෙන පසුබිමක ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත Windows සංස්කරණයේ යැයි සැලකෙන Windows 11 හි නව UI එක දැක්වෙන screenshots සහ videos කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙන බවද දැකගැනීමට හැකියාව තිබෙනවා.




මෙලෙස අන්තර්ජාලයට නිකුත් වී ඇති තොරතුරුවලට අනුව, මීළගට නිකුත් වීමට නියමිත Windows version එකෙහි තරමක් විශාල UI වෙනස්කමක් දැකගැනීමට හැකියාව ලැබෙන අතර එහි Start menu එකෙහි Live Tiles දැකගැනීමට හැකියාවක් නොමැති වන අතර එය Windows 10 හි තිබූ Start menu එකට වඩා සරල බවකින් දිස්වෙනවා.

එමෙන්ම, taskbar එකෙහි app icons සහ Start menu එක center align වී ඇති අතර ඔබට අවශ්‍ය නම්, ඒවා සියල්ලම වම් පැත්තට ගෙනයාමට option එකක්ද මෙහි ලබාදී ඇති බවට වාර්තා වෙනවා. ඊට අමතරව, මෙහි Windows 10 වල දැකගැනීමට හැකි වූ dark mode එකට වඩා clean dark mode එකක් දැක ගැනීමට හැකිවන අතර OS එක පුරාවටම rounded corners භාවිතා කර තිබෙන බවද දැකගැනීමට පුළුවන්.


Windows 11 හි taskbar එකේ widgets ලෙස නම් කරන ලද නව icon එකක් ඇති අතර ඒ සමඟ Microsoft සමාගම විසින් Windows widgets නැවත ගෙන එනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා. නමුත් මෙය Windows 11 හි මූලික මට්ටමේ සංස්කරණයක් බැවින්, මෙම widgets OS එක තුළ සම්පූර්ණයෙන්ම load වන්නේ නොමැති වෙනවා.


බොහෝ දුරට මෙම widgets design කර ඇත්තේ ප්‍රවෘත්ති, කාලගුණය සහ වෙනත් web content වෙත ඉක්මන් ප්‍රවේශයක් ලබාදීම සඳහා වියහැකිය.

Windows 11 හි ඇති සියලුම apps වල maximize button එක හරහා snap controls access කිරීමට හැකියාව ලබාදී ඇති අතර එමගින් ඔබට ඉක්මනින්ම windows side by side කිරීමට හෝ sections වලට arrange කිරීමට හැකියාව හිමිවෙනවා.


එමෙන්ම, Windows 10 සමඟ නව startup sound එකක් ලබාදීමටද Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.Microsoft සමාගම පසුගිය කාලයේදී නව Microsoft Store එකක් හඳුන්වාදීම සඳහාද කටයුතු කරමින් සිටින බව වාර්තා වූ නමුත් මෙම Windows version එක හරහා Microsoft Store එකෙහි සැලකිය යුතු වෙනසක් දැකගැනීමට හැකියාවක් නොමැති වෙනවා. නමුත් මෙය Windows 11 හි මූලික මට්ටමේ සංස්කරණයක් බැවින්, ඉදිරියේදී පැමිණෙන build එකක් හරහා Microsoft Store එකෙහිද විශාල වෙනස්කම් කිහිපයක්ම බලාපොරොත්තු වීමට පුළුවන්.