iCloud Photo Library එක Google Photos වෙත transfer කිරීමේ හැකියාව ලබාදීමට Apple සමාගම කටයුතු කරයි

 

මේ වන විට Apple සමාගම විසින් ඔවුන්ගේ iCloud Photo Library එක තුළ ඇති photos සහ videos, ස්ව්‍යංක්‍රීයවම Google Photos වෙත transfer කිරීමේ හැකියාව ලබාදී ඇති බව MacRumours වෙබ් අඩවිය ‍වාර්තා කරනවා.

එමෙන්ම මෙම ක්‍රියාවලිය පිළිබඳව Apple සමාගම විසින් විස්තර සහිතව ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා ද අදාල තොරතුරු පළ කිරීමට කටයුතු කර තිබෙන අතර, මෙම transfer එක සිදු කිරීම සඳහා දින තුනක කාලයක සිට සතියක පමණ කාලයක් ගත විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

කොහොම නමුත් iCloud Photo Library එකේ ඇති shared albums, smart albums, photo stream content, live photos, සහ ඇතැම් metadata මෙම ක්‍රමය මගින් transfer කරගත නොහැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම මෙලෙස transfer කිරීම හරහා ඔබගේ iCloud Photo Library එක තුලින් අදාල photos ඉවත් වීමක් සිදු නොවන බව ද ඔවුන් පෙන්වාදෙන අතර, එසේ මකා දැමීමට අවශ්‍යය නම් අදාල පුද්ගලයා විසින් එය මකාදැමීමට කටයුතු කළ යුතු බව ඔවුන් ප්‍රකාශ කරනවා.

මෙම පහසුකම දැනට ලබාදෙනු ලබන්නේ Australia, Canada, European Union එකට අයත් රටවල්, Iceland, Liechtenstein, New Zealand, Norway, Switzerland, United Kingdom, සහ United States යන රටවල් වල සිටින පරිශීලකයින් හට පමණක් වන අතර, ඉදිරියේදී මෙය ක්‍රමයෙන් අනෙක් රටවල් වල සිටින පරිශීලකයින් හට ද ලබාදීමට කටයුතු කරනු ඇත.