මෙම වසරේ Galaxy Note ජංගම දුරකථනයක් නිකුත් නොකරනු ඇති බව Samsung සමාගම ප්‍රකාශ කරයි

 

අද දින පැවති Samsung සමාගමේ shareholder meeting එක අතරතුරදී Samsung Electronics සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Koh Dong-Jin විසින් ප්‍රකාශ කර සිටියේ Galaxy Note serial එක ඔවුන්ගේ business portfolio එක තුළ high-end series එකක් ලෙස සැළකෙන බවත්, එකම වසරක් තුළ high-end ජංගම දුරකථන මාදිලි ද්විත්වයක් නිකුත් කිරීම තරමක් අසීරු කටයුත්තක් වන බවයි.

මේ නිසාවෙන් මෙම වසරේ දෙවන භාගයේදී Note මාදිලියක් නිකුත් නොකර, එය ලබන වසර දක්වා කල් දැමීමට ඔවුන් බළාපොරොත්තුවෙන් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව Bloomberg වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මෙම කල් දැමීම බොහෝ විට මේ වන විට බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවන ගෝලීය semiconductor හිඟය නිසාවෙන් වියහැකි බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙන නමුත්, Bloomberg වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ Samsung සමාගමට ඔවුන්ගේ Galaxy Note lineup එක සහ එහි ඇතුලත් වන පහසුකම් විධිමත් කිරීම වෙනුවෙන් මෙම තීරණය ගැනීමට පෙළඹී ඇති බවයි.