සිය සමාගමට එරෙහිව ගෙන ආ වාරණ නියෝගය සම්බන්ධයෙන් එක්සත් ජනපද රජයට එරෙහිව නඩු පැවරීමට Xiaomi සමාගම කටයුතු කරයි

Xiaomi සමාගම විසින් සිය සමාගම චීන හමුදාව සමග සම්බන්ධයක් නොමැති බව දිගින් දිගටම කරුණු දක්වමින් සිටින අතර, එහි තවත් පියවරක් ඉදිරියට යමින්, මෙම තීරණය සම්බන්ධයෙන් එක්සත් ජනපද රජයට විරුද්ධව නඩු පැවරීමටද මේ වන විට කටයුතු කර තිබෙනවා.

ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට එරෙහිව වොෂින්ටන් දිස්ත්‍රික් උසාවියේදී නීත්‍යානුකූල පැමිණිල්ලක් ගොනු කිරීමට Xiaomi සමාගම කටයුතු කළ අතර, Xiaomi සමාගමේ ලේකම් Janet Yellen (ජැනට් යෙලන්) විසින් මෙම තීරණය “නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී” වන බවට කරුණු දක්වා තිබෙනවා.


Xiaomi සමාගමට එරෙහිව මෙම වාරණය පැනවීමේදී, මෙම සමාගම - චීන මහජන විමුක්ති හමුදාව සමග සම්බන්ධ බවට සාක්ෂි කිසිවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජනපදය සමත් නොවූ අතර, එය Xiaomi සමාගමේ විවේචනයට ලක් වී තිබෙනවා.

කොහොම උනත් Huawei හෝ ZTE යන සමාගම් පත්ව ඇති ආකාරයේ තත්ත්වයකට Xiaomi සමාගමට තවම මුහුණදීමට සිදු වී නැති අතර, එක්සත් ජනපදය විසින් Xiaomi සමාගම සම්බන්ධයෙන් වූ මෙම තීරණය පිළිබඳව ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳව තාක්ෂණික විශ්ලේෂකයින් විමසිල්ලෙන් පසු වෙනවා.


මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවියReuters වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.