Facebook සමඟ ඔබගේ WhatsApp දත්ත share කරගැනීමේ නව Privacy Policy එකට එකඟ නොවන්නේ නම් WhatsApp භාවිතා කිරීමේ හැකියාව ඔබට අහිමි වෙන ලකුණු

 

ඉදිරි මාසය තුළදී WhatsApp වෙතින් ඔබට නව app notification එක සම්බන්ධ update එකක් ලැබීමට නියමිත අතරඑම update එක සමඟ නව privacy policy එකක් සඳහා විමසීමක්ද ඔබට ලැබීමට නියමිතයි.

මෙම නව privacy policy එක මඟින් ඔබ විසින් WhatsApp සඳහා භාවිතා කරන ජංගම දුරකථන අංකයද ඇතුළුව ඔබේ ඔනෑම WhatsApp පරිශීලක දත්තයක් Facebook සමඟ share කරගැනීමට හැකියාව ලැබෙන කොන්දේසියක්ද ඇතුළත් වන අතරඔබ එම කොන්දේසියට එකඟ නොවන්නේ නම්ඔබට තවදුරටත් WhatsApp භාවිතා කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.

සියලුම පරිශීලකයන් 2021 පෙබරවාරි වන දින වන විට මෙම නව කොන්දේසි වලට එකඟ විය යුතු වන අතරඑමඟින් ඔබේ තොරතුරු රහසිගතව තබා නොගෙන ඒවා WhatsApp හි හිමිකරු වන Facebook ආයතනය සමඟ බෙදා ගැනීමේ කොන්දේසියකට ඔබට එකඟ වීමට සිදුවෙනවා.

එමෙන්ම දැනට මෙම කොන්දේසි වලට එකඟ නොවීමට Not now (පසුව සලකා බැලීම) option එකකට යෑමට ඔබට හැකියාව තිබෙන නමුත්එය දිගින් දිගටම සිදු කළ නොහැකි අතරඔබට තවදුරටත් WhatsApp භාවිතා කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මෙම නව කොන්දේසිවලට ඉදිරියේ දී එකඟවීම කළ යුතු වෙනවා.

මෙම තොරතුරු ලබා ගැනිමට හරහා WhatsApp සේවාවන් සැපයීමවැඩිදියුණු කිරීමව්‍යාප්ත කිරීම, customize කිරීම ආදී සේවාවන් වෙනුවෙන් යොදා ගැනීමට හැකියාව තිබෙන බව Facebook සමාගම පෙන්වා දෙනවා.

කෙසේ වුවත් WhatsApp chat එකක් end-to-end encrypted නිසාඔබේ chat එකක අන්තර්ගතය Facebook සමාගමට ලබා ගැනීමට නොහැකි බව පෙනී යන අතරමෙලෙස ලබා ගනු ඇත්තේ ඔබේ දුරකථන අංකයඔබේ profile එකේ ඇති වෙනත් දත්ත, status වැනි දේ විය හැකි බව විශ්ලේෂකයින් මත පළ කරනවා.

එමෙන්ම GDPR, එහෙමත් නැතිනම් General Data Protection Regulation එක නිසාවෙන් european union එකට අයත් රටවල් වල සිටින WhatsApp පරිශීලකයින් හට මෙම policy එක අදාල නොවන අතරඔවුන්ගේ දත්ත advertisement පෙන්වීම හෝ වෙනත් කිසිඳු කටයුත්තකට Facebook සමාගමට ලබාගැනීමට නොහැකි වෙනවා.

මේ අනුව ඔබ තවදුරටත් WhatsApp භාවිතා කිරීමට තීරණය කරන්නේ නම් මෙම කොන්දේසි වලට එකඟ වීමට සිදු වනු ඇති අතර මෙම නව කොන්දේසි වලට ඔබ එකඟ නොවන්නේ නම්ඔබට SignalTelegram වැනි වෙනත් විකල්පයක් වෙත මාරු වීමට සිදු වනු ඇති.