අලුත් Android 11 update එක install කිරීමෙන් පසු Mi A3 ජංගම දුරකථන නැවතත් on කළ නොහැකි තත්ත්වයට පත් වන බව වාර්තා වෙයි

 


Xiaomi සමාගම විසින් දින කිහිපයකට පෙර ඔවුන්ගේ Mi A3 ජංගම දුරකථන සඳහා Android 11 update එක නිකුත් කිරීමට කටයුතු කරනු ලැබූ අතර මේ වන විට එම update එක install කළ බොහෝ දෙනා හට විශාල ගැටළුවකට මුහුණදීමට සිදුව තිබෙන බව වාර්තා වෙනවා.

මෙය update එක සිදු කළ සෑම පුද්ගලයෙකු හටම මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණදීමට සිදුව ‍නැති වුවත්, bootloader එක දක්වා හෝ ජංගම දුරකථනය ගෙන ඒමට නොහැකි වන බැවින් මෙය ඉතාමත් අවධානම්කාරී කටයුත්තක් වෙනවා.
මේ පිළිබඳව Xiaomi සමාගම විසින් තවමත් නිළ වශයෙන් පිළිතුරක් හෝ නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර නොමැති අතර, ඔබත් Mi A3 ජංගම දුරකථන හිමියෙකු නම් Android 11 update එක සිදු කිරීමට ඉක්මන් නොවී තව ටික දිනක් ඉවසීමෙන් සිටීම නුවණට හුරු වෙනවා.